- ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Friday, September 26, 2014

ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න.

අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන.

කොමහරි , සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්නේ ??

අන්න , ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ.

මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.

2 ) තාමත්  ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.

3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.




4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න.
( එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. )
[ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]


5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා.
ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා.
ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා.

6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා.
වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.

7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න.
මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. )
[ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]

මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.

ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා.
එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.


8 )  පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න.
දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.

සැ.යු. - මේ උඩින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

සැ.යු. - ඒ වගේම , අනිවාරේන්ම , ඔබේ ජංගම දුරකතනයේ මුකුත් අවුලක් නැද්ද කියල හරියට තහවුරු කරගන්න , දැන ගන්න , ලගම තියේන ජංගම දුරකතන හදන තැනකට අරන් යන එකත් ගොඩක් හොදයි.

සැ.යු. - ඒ වගේම , ජංගම දුරකතනය වහල තියන්න භාවිතා කරපු ඒ හාල් ටික භාවිතා කරන්නේ නැති නම් ගොඩක් හොදයි කියලයි , අපි හිතන්නේ. මොකද , ඒ හාල් ගනුදෙනු කරේ ඉලේක්ට්‍රෝනික උපාන්ගයක් එක්කනේ. ඒ නිසා භාවිතා නොකරන එක , හැමෝටම හොදයි.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.