- Etisalat හා Airtel සමාගම් එක් වීමට සෙරසෙයි ලගදීම. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Monday, January 12, 2015

Widgets

Etisalat හා Airtel සමාගම් එක් වීමට සෙරසෙයි ලගදීම.



ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම ජංගම දුරකතන සේවා සපයන්නා වන Etisalat සමාගම ශ්‍රි ලංකාව තුල තම මෙහෙයුම් නවතා දැමීමට හෝ වෙනත් සමාගමක් හා ඒකාබද්දව කටයුතු කිරීමට තීරණය කර ඇති බව Arabian Business වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මේ වන විට Etisalat සමාගම වෙනත් දුරකත සේවා සමාගම් කිහිපයක් සමග මේ පිලිබදව සාකච්ඡා පැවැත්වෙන බවත්, ඒ අතරින් Airtel සමාගම ඉදිරියෙන් සිටින බව එම වෙබ් අඩවිය තවදුරටත් වාර්තා කර තිබෙනවා.
ලොව පුරා මිලියන 182 කට අදික පාරිබෝගිකයින් පිරිසක් සතු Etisalat සමාගම, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 19 ක සිය මෙහෙයුම් පවත්වාගෙන යන අතර ලෝකයේ අනෙක් දුරකථන සේවා සපයන සමාගම් අතරින් Etisalat සිටින්නේ 12වැනි ස්ථානයෙයි. ඩොලර් මිලියන 155 කට Tigo සමාගම මිලදිගනිමින් 2010 වසරේදී ශ්‍රී ලංකාවේ වෙළදපලට අවතීර්ණ වූ Etisalat සමාගම, 2012 වසර වන විට ලංකාවේ ජංගම දුරකථන සේවා වෙළදපලෙන් 21% ක් අත්පත් කරගත්තේ ලංකාවේ තෙවන විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා බවට පත් කරමිනුයි.
ශ්‍රී ලංකාවේ වෙළදපළේ පවතින දැඩි තරගකාරිත්වයට මුහුණදෙමින් Mobitel හා Dialog සමාගම් අභිබවා ඉදිරියට යාමට තමන් අපොහොසත් බැවින් ශ්‍රී ලංකාව තුල තම මෙහෙයුම් නවතාදැමීමට හෝ වෙනත් සමාගමක් හා එක්ව තරගකාරී වෙළදපලට මුහුණදීමට Etisalat සමාගම තීරණය කර තිබෙනවා. ලංකාවේ වෙළදපල තුල එවැනිම ඉරණමකට මුහුණ දී සිටින Airtel සමාගම මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වන බවත් මේ වන විට Etisalat සමාගම, Airtel සමාගම සමග ඒකාබද්දව ශ්‍රී ලංකාව තුල මෙහෙයුම් පවත්වාගෙන යාමට හෝ විකුනාදමිමට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වෙනවා 

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .