- සැබෑ ආදරය යනු කුමක්ද? ආදරය කරන අයට පමණක් නොවේ. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, November 23, 2014

Widgets

සැබෑ ආදරය යනු කුමක්ද? ආදරය කරන අයට පමණක් නොවේ.



සමාජයේ බාල මහළු වැඩිහිටි සියළුදෙනාම වැඩිදෙනෙකු විදීමට කැමති ආදරය ගැන වටිනා ලිපියක් වැඩි දෙනෙකුගේ දැන්ගැනීම උදෙසා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වෙබ් පිටුවකින් අපි උපුටා ගත්තා.


අපි හැමෝම ඉපදුන දවසෙ ඉදන් මිය යන දවස වෙනකන් මෙන්න මේ මෙන්න මේ කියන ආදරය විදිනවා. දරුවෙක් ඉපදුනයින් පස්සෙ මුලින්ම ආදරය කරන්න ගන්නෙ තමන්ගෙ අම්මට තාත්තට, කාලයත් එක්ක දරුවා ටිකක් ලොකු වෙද්දි ගැහැණු දරුවෙකු වැඩිපුරම ආදරය කරන්න ගන්නෙ තමන්ගෙ තාත්තට. 


ඒ වගෙමයි පිරිමි දරුවෙකු වැඩිපුරම ආදරය කරන්නෙ තමන්ගෙ අම්මට. මෙන්න මේ හේතුව හින්ද වයසින් පරිණත වෙද්දි ගැහැණු දරුවෙක් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නකොට තමන් ජීවිතේ ආදරය කරන්න ගන්න පුද්ගලයා තමන්ගෙ තාත්තගෙ ගති ගුණ තියෙනවට ආස කරනවා.තාත්තා කෙනෙක් වගේ තමන්ට ආදරය කරනවට, තාත්ත කෙනෙක් වගේ තමන්ව ආරක්ශා කරනවට තමන් ගැන හොයල බලනවට ආස කරනවා. පිරිමි දරුවෙක් උනත් එහෙමයි. තමන්ගෙ අම්ම තරමටම ආදරෙන් ඉන්න , මොනදේදි උනත් තමන් වෙනුවෙන් අම්මා කෙනෙක් වගේ තමන්ගෙ හැමදේදිම වෙනුවෙන් ඉන්න, තමන්ගෙ අම්ම තරමට තමන් ගැන හොයන කෙනෙක්ට පිරිමි දරුවෙක් ආස කරනවා.
වර්තමානයේ අපි බැලුවොත් තාරුණ්යයේ ප්‍රේම සම්බන්ධතා නොයෙකුත් හේතුන් මත ගොඩනගා ගන්නවා. සැබෑම ආදරය මත, කෙනෙකුගේ ගති ගුණ මත,භාහිර ස්වරූපය මත, කෙනෙකුගේ හැසිරීම් රටාවන් මත, වගේමය් තව කෙනකු සතු බාහිර සැප සම්පත් පිළිභදව හටගන්න ආශාවන් මත උවත් වර්තමාන සමජයේ ප්‍රේම සම්බන්දතා ගොඩනගා ගන්නවා.
නමුත්, සැබෑ ආදරය යනු කුමක්ද?

භාහිර ස්වරුපය මත හට ගන්නා ආදරය ගෙන කතා කලොත් තාරුණ්යයේ බහුතරයක් දෙනා කෙටියෙන්ම කියනව නම් පට්ට කෑලි හොයනවා. එත් ඒ පට්ට කෑල්ලකගෙ ලග නැති ගොඩක් දේවල් සාමාන්ය කෙනෙක් ගාව තියෙන්න පුලුවන්. රූපය කියන දෙය කවදක හරි නැති වෙනව , එත් මනුස්සකම කියන දේ කෙනෙක් ගාව තිබ්බොත් ඒ දේ ජීවිත කාලය පුරාවටම තියෙයි.ඒත් ඒ ගැන හිතන්නෙ කීයෙන් කීදෙනාද? වර්තමානයේ ට්යුශන් පන්තියක් ඉස්සරහ මෝටර් සයිකල් එකකින් කොල්ලෙක් එහාට මෙහාට ගිය ගමන් කෙල්ලො කීයක් නම් අල්ලගන්න පුලුවන්ද? ඒත් එහෙම පටන් ගන්න ආදර කතන්දර කීයක් නම් කෙලවර වෙලා ඇත්ද?

ඇත්තටම ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා කියන්නෙ ඒකෙ කෙලවර විවාහයෙන් කෙලවර වීමක් දෙදෙනාම බලපොරොත්තු වෙනවා. එහෙත් වර්තමානයේ කෙනකුගේ ප්‍රථම ආදර සම්බන්ධතාවයම විවාහයෙන් කෙලවර වෙන්නෙ කීයෙන් කීදෙනාගෙද? ඇය් එහෙම වෙන්නෙ?මා කලින් සදහන් කලා වගෙම කිසිදු දැන හැදුනුම්කමකින් තොරව රෑල්ලට වාගෙ ප්‍රේම සම්බන්ධතා පටන් ගෙන අවසානයේදි එකිනෙකාගේ නොගැලපීම් හේතුවෙන් වෙන්වෙනවා.අඩුමතරමෙ ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න කලියෙන් දෙන්නට දෙන්නා පොඩි හෝ අවබෝධයක් තිබිය යුතුයි.කෙසේ වෙතත් මේ ලෝකයේ 100% ගැලපෙන අය නම් හොයාගන්න අමාරුයි. මොකද, අපිට ලොකයේ එක වගේ රූපයක් තියෙන 2නෙක් හොයාගන්න පුලුවන්. එත් එකම විදියට හිතන පතන එකම අදහස් තියෙන දෙන්නෙක් නම් හොයා ගන්න එක හරියට කලුනික හොයනවා වගේ අමාරු වැඩක්. 

අපි කිසිම පුද්ගලයෙක් සර්ව සම්පූර්න නැහැ. අපි හැමෝගෙම වැරදි අඩුපාඩුකම් තියෙනවා.ආදරය කරද්දි දෙදෙනෙක්ගෙ සමහර නොගැලපීම් මතුවන්නට පුලුවන්. එත් ඒ දේවල් තේරුම් අරන් එක්කෙනෙක්ගෙ විදියට අනෙකා හැඩගැහෙනවනම් එතන ප්‍රශ්න නිරාකරණය කරගන්න පුලුවන්.

ඈත්තටම මේ ලෝකයේ 100%ක් ගෑලපෙන අය හොයා ගන්න අමාරුය්. අපි එක් අයෙක්ගෙ පොඩි හෝ අඩුපාඩුවක් නිසා වෙන කෙනෙක් සමග වෙනත් සබදතාවක් ගොඩනගා ගතහොත් අපට අපට කාලයත් සමග ඇයගේ හෝ ඔහුගේත් අඩුපාඩුකම් දකිද්දී හිතෙන්නට පුලුවන් අනේ කලින් කෙනා මිට වඩා කොය්තරම් හොදද, පොඩි අඩුපාඩුවක් නිසා නේද මම එයාව ඇතෑරියේ කියල හිතෙන්න පුලුවන්.පසුතැවිලි වන්නට පුලුවන්.. මදක් සිතන්න, ඔබ පෙම්වතියක් හෝ පෙම්වතෙක් තෝරා ගැනීමේදී ඇය හෝ ඔහු කෙදිනක හෝ තමන්ගෙ බිරිද හෝ ස්වාමිපුරුශයා බවට පත් වි ජීවිත කාලය පුරාවටම සැපේදි වගේම දුකේදිත් තමන් සමග සිටින, තමන්ගෙ හැම ප්‍රශ්නයක්ම එයාගේ කියලා හිතාගෙන හැමදාමත් ආදරෙන් ඉදිවි කියල හිතන්න පුලුවන් හිතකට ආදරය කරන්න. ආදරය කියන්නෙ ජීවිතය නොවෙන්න පුලුවන්. එත් ඒ ආදරයට පුලුවන් වේවි ජීවිතය ලස්සන කරවන්න.




උපුටා ගත්තේ aluth.com වලින්‍
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .