ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් බාවිතා කරන අය තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ.ඒත් සින්හල ෆොන්ට් එක දා ගන්න බැරි අය ගොඩක් අය ඉන්න බව අපේ ඊ මේල් ලිපිනයට ලැබෙන Messages මගින් වැටහුනා.
ඔන්න ඒ අයට ෆෝන් එක රූට් නොකරම සින්හල දා ගන්න විදිය කියලා දෙනවා.ඒ නිසා ෆෝන් එකට ගැන කිසිදු හානියක් වෙන්නේ නෑ.වගකීම් සහතිකයත් ආරක්ශා වෙනවා.
අනවශ්‍ය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු.
මුලින්ම මෙතනින් ගිහින් Fontomizer Sp ඇප් එක ගූගල් play වලින් ගන්න.
ඇප් එක open කර තිරයේ ඕනෑම තැනක් touch කිරීමෙන් ඔවුන්ගේ වෙබ් අඩවියට සම්බන්ධ වන්න.
එම වෙබ් අඩවියෙන් WIKI_ANDROID font එක භාගත කර ඉන්ස්ටෝල් කරන්න.
Home Screen එකට ගොස් Menu > Settings > Display > Font Style
යන්න තෝරන්න.
එහි ඇති WIKI_ANDROID අක්ෂරය තෝරා ok කරන්න.
දැන් සින්හල තියෙන වෙබ් අඩවියකට ගිහින් බලන්න කලින් කොටු කොටු වැටුන අකුරූ අපූරුවට පේනවා.
වැදගත් : සැම්සුන් ගැලක්සි ෆෝන් සදහා තමයි අපි මේ ක්‍රමය අත්හදා බැලුවේ. ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් සදහා අත්හදා බලන්න පුලුවන්.
ඕනෙම ෆෝන් එකකින් සිංහල බලන්න හදන විදිය අපේ අනිත් ලිපිය මෙතනින් ගිහින් බලන්න.
ඇන්ඩ්‍රොයිඩ් සඳහා සිංහල වෙබ් බ්‍රව්සරය ඕනෙ අය මෙතනින් ගන්න.